ඖෂධ මාෆියාවක් කි‍්‍රයාත්ක කිරීමට තම ගජ මිතුරන්ට වරදාන ලබාදී ආණ්ඩුව නෑසූකන්ව බලා සිටින බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
විපක්ෂ නායකවරයා ඊයේ (30 දා) නිකුත් කරන ලද නිවේදනයක වැඩිදුරටත් මෙසේද සඳහන්වේ.
පී.සී.ආර්. සහ රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා රජය විසින් උපරිම මිල ඇතුළත් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව පී.සී.ආර්. පරීක්ෂාවක් සිදුකිරීමේ උපරිම ගාස්තුව රුපියල් 6,500 ක් ලෙසත් රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂාවක් සඳහා උපරිම ගාස්තුව රුපියල් 2,000 ක් ලෙසත් නියමකොට ඇත.
එහෙත් මේ ගැසට් නිවේදනය මගින් තහවුරුකොට ඇත්තේ පී.සී.ආර්. සහ රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂාවන් තුළ පවතින බරපතළ මාෆියාවය. එමෙන්ම එය කොරෝනා ව්‍යසනය තුළින් ද ගජ මිතුරන්ට ව්‍යාපාර කිරීම උදෙසා පසුබිම සකසාදීමෙහි රංගනයකි.
රුපියල් අසූවක් පමණ මිල වන රැපිඞ් ඇන්ටිජන් මෙවලමකින් රුපියල් 2000 -2500 අතර මුදලක් පෞද්ගලික රෝහල් විසින් අයකරන අතර සත්‍ය වශයෙන්ම රැපිට් ඇන්ටිජන් පරීක්ෂාවක් රු. 600 ක මිලකටත්, පී.සී.ආර්. පරීක්ෂණයක් රුපියල් 2000 කටත් කළ හැකිව තිබේ.
ජනතාව ගැන සිතා යැයි ආණ්ඩුව විසින් නිකුත් කොට ඇති ගැසට් නිවේදනය සහමුලින්ම පුස්සක් වන අතර අදාළ ගැසට් නිවේදනය තුළින් සහතික කොට ඇත්තේ පවත්නා ඖෂධ වෙළෙඳ මාෆියාව සාධාරණ යැයි කියාය.
ඇන්ටිජන් කට්ටල ගෙන්වීම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට ලබාදී ජනතාවට සහනදායී මිලට ලබාදීමේ හැකියාව ආණ්ඩුවට පැවරී ඇති අත් නොහැරිය යුතු වගකීමක් වුවත් එකී වගකීමෙන් අදාළ ආයතනය අත්දෙක පිසදමා ගෙන ඇත්තේ තෝරාගත් ආයතනයකට ඖෂධ ඒකාධිකාරිය පවත්වාගෙන යන්නට ඉඩ ලබාදෙමිනි. මේ බරපතළ ව්‍යසනකාරී මොහොතේ අතිශය පිළිකුල්සහගත සහ සාහසික මට්ටමේ ඖෂධ වංචාවක් මෙරට තුළ කි‍්‍රයාත්මක වන අතර තම රජ මිතුරන්ට සහන සැලසීමේ තවත් එක් වරදානයක් ලබාදීමක් නිසා ආණ්ඩුව මේ පිළිබඳව නෑසූකන්ව බලා සිටී.