කොරෝනා ආසාදිතව නිවෙස්වල සිටින පිරිස්වලට සහ නිරෝධායනය වන අයට නිවෙස්වලටම ආයුර්වේද ඖෂධ ලබාදීමේ ක්රමවේදයක් දකුණු පළාත තුළ ආරම්භ කර තිබෙන බව පළාත් ආයුර්වේද කොමසාරිස් කරුණා හේවගේ මහත්මිය පවසනවා.
කොරෝනා ආසාදිතවූවන්ට ආයුර්වේද ප්රතිකාර සිදු කිරීම සදහා මාතර දිස්ත්රික් ආයුර්වේද මෙහෙයුම් කාර්යාලයක් ස්ථාපනය කෙරුණා.
ඒ මාතර, තෙලිජ්ජවිල ප්රදේශයේදීයි. මාලිම්බඩ ප්රාදේශීය සභාවේ සභාපති සෝමවීර වීරමන් මහතා ඇතුලු පිරිසක් එය විවෘත කිරීමේ අවස්ථාවට එක්ව සිටියා.
මාතර දිස්ත්රික්කයේ නිවෙස්වල සිටින ආසාදිතයින්ට සහ නිරෝධායනය වන අයට ආයුර්වේද ඖෂධ ලබාදීම මෙම කාර්යාලය මගින් සිදුකෙරෙනවා.