පිටිගල මානානහේන ප්රදේශයේ නිවසක පැවති මත්පැන් සාදයක දි ඇති වු ආරවුලක් දුරදිග යාමෙන් යකඩ පොල්ලකින් පහරදි පිහියකින් ඇන විසිතුන් හැවිරිදි තරුණයකු ඝාතනයට ලක්කොට ඇති බැව් පිටිගල පොලීසිය පවසයි.
ඊයේ (19) රාත්රි 11.30ට පමණ වු මෙම සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ තල්ගස්පේ මානානහේන ප්රදේශයේ පදිංචිකරුවකු වන විසිතුන් හැවිරිදි වියේ පසුවන අවිවාහකයෙකි.
ඉකුත් 19 වැනි දින රාත්රියේ ඝාතනයට ලක්වු තරුණයා සහ ඔහුගේ මිතුරන් පිරිසක් එක් වි නිවසක මත්පැන් සාදයක් පවත්වා තිබේ. මෙකි මත්පැන් සාදයේ දි ඇතිවු ආරවුලක් දුරදිග ගොස් තිබේ. පසුව ඝාතනයට ලක්වු තරුණයා නිවස බලා යමින් සිටියදි ඔහුට යකඩ පොල්ලකින් පහරදි පිහියකින් ඇන මොහු ඝාතනයට ලක්කොට ඇති බැව් පිටිගල පොලීසිය පවසයි.
මත්පැන් සාදය සඳහා නව දෙනෙකු පමණ සහභාගිවි ඇති බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත. මොවුන් එකට කා බි ඇති බවද පොලීසිය පවසයි.
මෙකි ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සඳහා පිටිගල පොලිස් ස්ථානාධිපති උපුල් නිශාන්ත හෙට්ටිආරච්චි මහතාගේ මෙහෙයවිම යටතේ පරීක්ෂණ පැවැත්වේ.
ජිනේෂ් නානායක්කාර