කොකේන් හා මත්පෙති ළඟ තබා ගෙන සිටි බවට සැකකරන පුද්ගලයෙකු මහනුවර දිසා දූෂණ මර්දන අංශය මගින් අද (20දා) හීරැස්සගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
මහනුවර කුඩාරත්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සන්තකයේ තිබූ කොකේන් ග්‍රෑම් 8 මිලිග්‍රෑම් 830ක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර ඇසළ පෙරහර සමයේ අලෙවි කිරීමට මේවා ගෙන එන්නට ඇති බව පොලීසිය සැකකරයි.
සැකකරු මසකට රුපියල් තිස්දහසක පමණ මාසික කුලියකට හීරැස්සගල ප්‍රදේශයෙන් නිවසක් ගෙන එහි සිටිමින් මෙම ජාවාරම සිදුකර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය තොගය හා සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය. මහනුවර දිසා දූෂණ මර්දන අංශය අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
චමිල් රූපසිංහ