රාත්රී සමාජ ශාලාවල පැවැත්වෙන විවිධ සාද සදහා අලෙවි කිරීමට ගබඩා කර තිබූ මත්පෙති නවදහස් හාරසිය විසි පහක් සමග කාන්තාවක් ඊයේ අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පන්නිපිටිය ඇරැව්වල ප්රදේශයේ පදිංචි 32 හැවිරිදි කාන්තාවක බව පොලීසිය කියයි.
ඇය කොළඹ අවට පිහිටි රාත්රී සමාජ ශාලාවල පැවැත්වෙන විවිධ සාද සඳහා පැමිණෙන තරුණ තරුණියන්ට මෙසේ කලක සිට මත් පෙති තොග වශයෙන් බෙදා හැර ඇති අතර ඒ පිළිබඳව ලද තොරතුරකට අනුව ඉකුත් 27 දා සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබුණි .
ඒ වලට සහභාගී වන තරුණ - තරුණියන්ට අලෙවි කිරීම සඳහා සඟවාගෙන තිබූ රුපියල් ලක්ෂ දහයකට අධික වටිනාකමින් යුත් මත්පෙති සමඟ සැකකාරියක අත්අඩංගුවට ගැනීමට තලංගම පොලීසිය (27 වැනිදා) සමත්විය.
තලවතුගොඩ, කලල්ගොඩ ප්රදේශයේදී සැකකාරිය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය සන්තකයේ මත්පෙති 25 ක් තිබි සොයාගැනීමත් සමඟ වැඩිදුර ප්රශ්න කිරීමේදී ඇයගේ නිවසේ සඟවා තිබූ තවත් මත් පෙති නවදහස් හාරසියයක් පොලිස් භාරයට ගත් බව පැවසේ .
අත්අඩංගුවට ගත් සැකකාරියගෙන් තවදුරටත් ප්රශ්ණ කිරීමේදී හෙළිවූ තොරතුරු මත මෙම ජාවාරමේ මහමොළකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි
පොලිස් භාරයට ගත් එක් මත් පෙත්තක් රුපියල් දහසකට අලෙවි කර ඇතැයි ද පැවසේ .
සැකකාරිය සහ මත් පෙති තොගය කඩුවෙල මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මත්තේගොඩ ශාන්ත ප්රදීප් කුමාර කුලරත්න