මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම පිළිබඳව නඩු සියයට එකසිය පනහකින් වැඩි වි ඇති බවත් බන්ධනාගාර තුළ රඳවා තබන්නට පුළුවන් ප්‍රමාණය මෙන් තුන් ගුණයක් මේ නිසා ඇති වි ඇති බවත් හෙරොයින් මේ සඳහා මුලිකවම බලපා ඇති බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ බදුල්ල තල්දෙන එළිමහන් සිර කඳවුරේ පැවති නේවාසික මානවක බාල දක්ෂ කඳවුරට සහභාගි වු සිරකරුවන්ගේ සහභාගිත්වයෙන් බදුල්ල මුතියංගණ රජමහා විහාරයේ පැවති ආගමික උත්සවය සදහා එක්වෙමිනි.
එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා,
"බන්ධනාගාරගතව සිටින රැඳවියන් සමාජ ගත කිරීම සදහා ගෙන යන වැඩ පිළිවෙලේදි බාල දක්ෂ ව්‍යාපාරය උත්කෘෂ්ට සේවයක් සපයනවා. බාල දක්ෂ ව්‍යාපාරය තුළින් ස්වශක්තියෙන් නැගී සිටීම විශ්වාසය ඇති කිරීම තමන් තුළ හොඳ ප්රතාපවත් චරිතයක් ගොඩනංවා ගැනීම වැනි සුවිශේෂි ගුණාංග ඇති කරවනවා. ඒ නිසා බාලදක්ෂ ව්‍යාපාරය බන්ධනාගාර තුළ ක්‍රියාත්මක කරමින් රැඳවියන් ඉතා ඉක්මනින් සමාජ ගත කිරීම සදහා අවශ්‍ය වන පසුබිමික් නිර්මාණය කිරීම පිළිබඳව අගය කළ යුතුයි.
බන්ධනාගාර ක්ෂේත්රයේ විශාල අඩුපාඩුකම් රාශියක් තියෙනවා. බන්ධනාගාර ගත කරනවා කියන්නේ යම් කිසි පිරිසකට හිංසා කරන්න වධදෙන්න කරන දෙයක් නෙමෙයි. බන්ධනාගාර ගත කිරීමේ අදහස අරමුණ පුනරුත්ථාපනය කිරීමයි. එසේ කරන්න බැරි කිහිප දෙනෙක් ඉන්නත් පුළුවන් . නමුත් බහුතරයක් පුනරුත්ථාපනය කරන්න පුළුවන්. ඒ නිසා රැඳවියන්ට අපි මීට වඩා පහසුකම් ලබා දෙන්න ඕන. මම දන්නවා බන්ධනාගාර රැඳවියන්ට තියෙන පහසුකම් ප්‍රමාණවත් මදි කියලා. බන්ධනාගාර තුළ රඳවා තබන්නට පුළුවන් වගේ තුන් ගුණයක් ඉන්නවා. විශේෂයෙන්ම මේ හෙරොයින් ප්රශ්නය නිසා තමයි මේ ප්රශ්නය උදා වෙලා තියෙන්නේ. නැත්නම් එහෙම වෙන්නේ නැහැ. ඒ සදහා අපි වැඩ කටයුතු රාශියක් දැනට කර ගෙන යනවා. දවසින් දෙකෙන් මේවාට උත්තර හොයන්න බැහැ.
බන්ධනාගර තදබදය අවම කිරීමට විශාල වශයෙන් ගොඩනැගිලි හදන්න තියෙනවා. මේ වන විට බන්ධනාගාර තුළ තිබෙන සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීමට මුදල් වෙන් කරලා තියෙනවා. ඒවා අවසන් වෙන කොට බන්ධනාගාර තුළ යම් වෙනසක් ඇති වෙයි.
බන්ධනාගාර තුළ මරණ දඬුවමට නියම වු අය ඉන්නවා. ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විදින අය ඉන්නවා. මේ පිළිබඳව අපේ රටේ නීති පද්ධතිය හා බන්ධනාගාර ක්‍රියාවලිය ඉතාමත්ම මන්දගාමීව තමයි කටයුතු කරන්නේ. අවුරුදු 10ක් 15ක් බන්ධනාගාර ගත කළායින් පස්සේ තවදුරටත් ඔවුන් රඳවා තබා ගැනීමෙන් ප්‍රතිඵලයක් නැහැ. ඒ පිළිබඳව අලුතින් හිතන්න වෙලා තියෙනවා. ඒ පිළිබඳව ප්‍රතිඵලයක් තියෙනවා ද කියලා. රැඳවියන් බන්ධනාගාර ගත වෙන්නේ තමන්ගේම වරදින් නෙමෙයි. අපේ සමාජය සංස්ථාව තුළ තියෙන වරදින් තමයි බොහොමයක් අය වැරදිකරුවන් බවට පත් වෙන්නේ. ඒ නිසා අපිත් වග කියන්න ඕන. මුළු මහත් සමාජයම මෙයට වගකිව යුතුයි. ඒ නිසා අපි සානුකම්පිත හදවතකින් රැඳවියන් දෙස බලන්න ඕන. ඔවුන්ට වඩාත් හොඳ පහසුකම් ලබා දීලා ඔවුන්ව ඉතා ඉක්මනින් පුනරුත්ථාපනය කළ යුතුයි.
හෙරොයින් මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම පිළිබඳව නඩු සියයට එකසිය පනහකින් වැඩි වෙලා තියෙනවා. වෙනත් රටවල් වල නම් මේ අය වෙනම කදවුරු වල දාලා පුනරුත්ථාපනය කරනවා. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණ අය මේ බන්ධනාගාරවලින් ඉවත් කරලා වෙනමම විවෘත බන්ධනාගාර තුළ තියලා පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළක් ඉදිරියේදී අපි යොදන්න ඕන. ඒ සදහා දැනටමත් අපි සාකච්ඡා කරලා තියෙනවා.ඉදිරි කාලයේදී සෑම බන්ධනාගාරයකටම තියෙන පහසුකම් පිළිබඳව සොයා බලන්න අපි යනවා. ඒ තුළින් බන්ධනාගාර පද්ධතියේ ඇති පහසුකම් තවදුරටත් වැඩිදියුණු කිරීමට කටයුතු කරන බව ද" අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.