මත්තල ගුවන්තොටුපළ විකුණා දැමීමට රජයේ කිසිඳු සුදානමක් නැතැයි අපනයන ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
මත්තල ගුවන්තොටුපළේ කළමණාකාරිත්වය විධිමත් කිරීම සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශයක් පදනම් කර ගනිමින් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා අසත්විය බවද රණතුංග මහතා පෙන්වා දෙයි.
අද (11දා) උඩුගම්පළදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් රණතුංග මහතා මේ බව අවධාරණය කළේය.
රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් පරාජිත දේශපාල පක්ෂ නියෝජිතයින් කිහිප දෙනෙකු සිතාමතාම සිදුකරන බොරු ප්‍රචාරයක් බව පෙන්වා දෙන ඇමතිවරයා වත්මන් රජය ජාතික සම්පත් විකුණා දැමීමට කිසිසේත් සුදානම් නැතැයි කිවේය.
මත්තල ගුවන්තොටුපොළ මගී හා භාණ්ඩ ප්‍රවාහන ගුවන්තොටුපොළක් ලෙස සංවර්ධනය කිරීම සඳහා වත්මන් රජය අවධානය යොමු කර ඇතැයි පෙන්වා දුන් රණතුංග මහතා ඉතා කඩිනමින් මත්තල ක්‍රියාකාරී ගුවන්තොටුපොළක් බවට පත් කිරීම රජයේ අරමුණ බවද අවධාරණය කළේය.