මතුගම පොලීසිය පසුගිය 22වනදා සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිස් ස්ථානය වෙත රැගෙන එමින් සිටියදී මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කරන්නේ සැකකරුව පොලිස් ස්ථානය වෙත රැගෙන එමින් සිටියදී ඔහු හදිසියේ අසනීප තත්ත්වයක් පෙන්නුම් කළ බවය.
ඒ අනුව සැකකරුව වෑත්තෑව රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළ බවද පොලීසිය පවසයි.
එහිදී සැකකරුව පරීක්ෂා කළ වෛද්‍යවරයා පවසා ඇත්තේ සැකකරු මියගොස් ඇති බවත් 40 හැවිරිදි මියගිය සැකකරුගේ දේහය සම්බන්ධයෙන් සිදුකළ PCR පරීක්ෂණයෙන් ඔහු කොවිඩ් ආසාදිත බවට අනාවරණය වී ඇති බවත් පොලීසිය පවසයි.