රිය අනතුරුවලින් සිදුවූ මරණ 15ක් පමණ ඊයේ දිනයේදී වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම මරණ 15න් 8ක් ඊයේ දිනයේදී සිදුවූ රිය අනතුරුවලින් වාර්තා වී ඇති අතර අනෙක් මරණ 7 මීට පෙර සිදුවූ රිය අනතුරුවන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ දිනයේදී මියගිය අය බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
මෑත දිනවලදී රිය අනතුරුවලින් වැඩිම ප්රමාණ්යක් මිය ගිය දිනය ලෙස ඊයේ දිනය හඳුන්වාදිය හැකි බවද ඔහු පැවැසීය.
“මෙය කනගාටුදායක තත්ත්වයක් වගේම මාර්ග ආරක්ෂාව පිළිබඳව අවධානය යොමුකළ යුතු කාලසීමාක් වශයෙන් හඳුන්වාදිය හැකියි. රිය අනතුරුවලින් පුද්ගලයන් 15ක් මිය යෑම කනගාටුදායක තත්ත්වයක්. මෙසේ මිය ගිය පුද්ගලයන් අතරින් 6ක් පදිකයින්, 8ක් යතුරුපැදිවලින් ගමන් කළ අය වෙනවා. එක් පුද්ගලයෙක් ත්‍රිරෝද රථයකින් ගමන් කළ අයෙක්. ”