ඓතිහාසික මඩුවන්වෙල වලව්ව කේන්ද්‍ර කරගනිමින් නව සංචාරක කලාපයක් ස්ථාපිත කිරීමේ අරමුණින්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඊයේ (05) පස්වරුවේ සබරගමුව, කොළොන්න කෝරළයේ පිහිටි සුවිශේෂී සංස්කෘතික උරුමයක් වන මඩුවන්වෙල වලව්ව වෙත නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ, සබරගමුව පළාතේ ප්‍රධාන සංචාරක මධ්‍යස්ථානයක් ලෙස මඩුවන්වෙළ වලව්ව නගාසිටුවීම මෙම චාරිකාවේ මූලික අරමුණ වී තිබේ. ඓතිහාසික පරිශ්‍රය සුරක්ෂිත කරමින් එහි නව යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ඇතුළු ඉදිරි සංවර්ධන කටයුතු කඩිනම් කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී අදාළ නිලධාරීන්ට දැඩි උපදෙස් ලබා දී ඇත.