මඩු රක්ෂිතය තුළ දර එකතු කිරීම සඳහා ට්රැක්ටර් රථයකින් ගොස් සිටි පොලිස් කණ්ඩායමක කොස්තාපල්වරයකු රක්ෂිතය තුළ අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි.
මන්නාරම පොලිසියට අනුයුක්තව සිටි හය දෙනකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක් ට්රැක්ටර් රථයකින් ඊයේ (19) පස්වරුවේ මඩු රක්ෂිතය බලා ගොස් ඇති අතර. එහිදී ඔවුන් අතර සිටි ඉහත කොස්තාපල්වරයා අතුරුදන්ව ඇති බවට හෙළී වී ඇත.
පොලිස් කොස්තාපල්වරයාගේ අතුරුදන්වීම දැනුම් දීමෙන් අනතුරුව යුද හමුදාව සහ විශේෂ කාර්ය බලකාය පොලිසිය සමඟ එක්ව ඔහු සෙවීමේ මෙහෙයුමක් ආරම්භ කළ ද ඊයේ රාත්රිය වන තෙක්ම කොස්තාපල්වරයා හමු වී නොමැත.
අතුරුදන් වූ වූ කොස්තාපල්වරයා සෙවීමේ මෙහෙයුම් අද (20) පෙරවරුවේ යළිත් ආරම්භ කළ බව පොලිසිය පවසයි.