වත්තේගම පොලිස් බල ප්රදේශයට අයත් මඩවල නගරයේ හට ගත් හදිසි ගින්නක් හේතුවෙන් පාවහන් අලෙවි සැලකට බරපතල හානි සිදු ව ඇති අතර තවත් ඇඳුම් මැසීමේ වෙළඳ සැලකට හානි සිදුව තිබේ. මෙම ගින්න නිසා එම පේලියේ තවත් වෙළඳ සැල් කිහිපයක තිබූ භාණ්ඩ ඉවත් කර ගැනීමට ප්ර දේශවාසින් සමත් වීම නිසා එම වෙළඳ සැල් ආරක්ෂා කර ගැනීමට හැකිව තිබේ.
මෙම ගින්න පෙරේදා 30 උදේ වරුවේ ඇති ව ඇති අතර ගින්නට හේතුව අනාවරණය වී නොතිබිණ.
මහනුවර මහ නගර සභාවේ ගිනි නිවීමේ රථ හතරක් පැමිණ ගින්න නිවා දැමිවට පියවර ගත් අතර වත්තේගම පොලීසිය සහ ප්රදේශවාසින්ගේද සහාය මේ සඳහා ලැබිණ.
මෙම ගින්න හේතුවෙන් වෙළඳ සැල්වල තිබූ භාණ්ඩ උපකරණ මෙන්ම ගොඩනැගිලිද පිළිස්සී දැඩි හානි සිදුව තිබිණ. මෙම ගින්න හේතුවෙන් රුපියල් කෝටි ගණනක අලාභයක් සිදුව ඇති බව එහි හිමිකරුවන් කියති. වත්තේගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශණ සිදු කරයි.
මොහොමඩ් ආශික්
