එක්සත් ජනපද බෝවන රෝග පිළිබඳ විශේෂඤ වෛද්‍ය ඇන්තනි ෆවුසි ඊයේ (16දා) කියා සිටියේ මොඩෙර්නා කොවිඩ්-19 එන්නත සඳහා හදිසි භාවිත අවසරයක් අද (17දා) නිකුත් කිරීමට එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) තීරණය කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවය.
"හෙට (අද 17දා) මොඩෙර්නා එන්නතට හදිසි භාවිත අවසරයක් ලැබේද නැද්ද යන්න පිළිබඳව FDA තීරණයක් ගන්නවා ඇති." ෆවුසි අතථ්‍ය දේශනයකදී පැවසීය.
"මේ වනවිටත් එනම් දින කිහිපයකට පෙර එක්සත් ජනපදයේ ස්ථාන 145ක් සඳහා එන්නතත් මාත්‍රා යවා ඇති අතර, ඉදිරි දින කිහිපය සිට සති කිහිපය දක්වා, අවසානයේදී වැඩි වැඩියෙන් මාත්‍රාවන් ලැබෙනු ඇති බව ෆයිසර් සහ මොඩෙර්නා සංයෝජනයෙන් අප බලාපොරොත්තු වෙනවා. මොඩෙර්නා එන්නතට හදිසි භාවිත අවසරය ලැබුණොත්, ඔබ බලාපොරොත්තු වන පරිදි දෙසැම්බර් අවසානය වනවිට මිලියන 20ක ජනතාවක් සඳහා මාත්‍රාවන් මිලියන 40ක් පරිපාලනය කිරීමට හැකි වනු ඇති." වෛද්‍ය ෆවුසි වැඩිදුරටත් පැවසීය.