මඩකලපුවල සිට්ටන්ඩි ප්‍රදේශයේ යුද හමුදා භට පිරිස් විසින් මෙහෙයුම් අවශ්‍යතා සඳහා මෙතෙක් භාවිතා කළ ප්‍රදේශයේ අක්කර 8.6 ක ඉඩමක් පසුගියදා නිදහස් කර නැවත බාර දුන් බව යුද හමුදාව පවසයි.
රජයේ නියෝගයන්ට අනුකූලව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගේ උපදෙස් මත, නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එස් කේ ආර්.කේ. හෙට්ටිආරච්චි මහතා විසින් මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කලපති පද්මරාජා මහත්මිය ට එම ඉඩම්වල නීත්‍යානුකූල ලිපි ලේඛණ බාර දුන් බව යුද හමුදාව පවසයි.
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංකයට අයත් 231 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 4 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් ආරක්ෂක කටයුතු සදහා මෙම ඉඩම භාවිතා කරනු ලැබීය.
අවට ප්‍රදේශයේ වෙසෙන පුද්ගලයින් 56 දෙනෙකුට පමණ අයිති මෙම ඉඩම මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙතින් නීත්‍යානුකූල අයිතිය තහවුරු කරගැනීමෙන් අනතුරුව ඔවුන් වෙත පැවරීමට නියමිතව ඇත.