මට්ටක්කුලියේදී ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි. යතුරු පැදියකින් පැමිනි දෙදෙනක් විසින් පිස්තෝල අවියකින් කළ වෙඩි තැබීමකින් මෙම ඝාතනය සිදුව තිබේ.
අවුරුදු 26ක්වන ඝාතනයට ලක්වූ තැනැත්තා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ. මත්ද්‍රව්‍ය හා බැඳුණ සංවිධානාත්මක අපරාධ මෙම ඝාතනයට හේතුව වී ඇතැයි පොලීසිය සැක කරයි.