මට්ටක්කුලිය ගැටුමට හතක් අල්ලයි
මට්ටක්කුලිය පොකුණ වත්ත හන්දිය අසලදී දෙපාර්ශවයක් අතර සිදුවූ ගැටුමක් සම්බන්ධයෙන් පුද්ගලයන් හත් දෙනකු අත්අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලිසිය කියයි.
එම ගැටුමේදී පොරවකින් සහ යකඩ පොල්ලකින් සිදුවූ පහර දීමෙන් තුවාල ලද එකම පවුලේ පියෙක් පුතෙකු සහ තවත් කාන්තාවක් කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කර ඇත.
අත්අඩංගුවට පත්වූවන් අතර සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන බොනී විස්ටා නිපුනගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන පුද්ගලයකු සිටින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි
2023 දෙසැම්බර් 26 වෙනි දින මට්ටක්කුලිය පොකුණු වත්ත හන්දිය අසලදී ධනංජය උමයංගන යන අයට තවත් පාර්ශවයක් විසින් පිහියෙන් ඇණ ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව දෙපාර්ශවය අතර සිදුවන ආරවුලක් බවට පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත
සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මට්ටක්කුලිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ කරුණාරත්න මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක හරිස්චන්ද්‍ර මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

