තමන්ටත් දරුවන් සිටින බවත් මත්ද්‍රව්‍ය නැවැත්විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය. අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව කීය.
" අපි එදා ක්‍රීඩාව ප්‍රවර්ධනය කළේ. සංස්කෘතියට කළාවට ගෙනාවේ දරුවන්ව මත්ද්‍රව්‍යවලින් ඈත් කරන්න. හැබැයි බේබිලා රේස් පදිනවා කියලා ඔබතුමන්ලා ඒකටත් බැන්නා. එකට කමක් නෑ. සංවිධානාත්මක අපරාධකරුවන් ආරක්ෂා කරන්න එපා.පිල්ලෙයාන්ගේ රැඳවුම් නියෝගයේ පාස්කු ප්‍රහාරය ගැන සඳහන් නෑ.පුවක්දණ්ඩාවේ එක්කෙනා. අර කුඩු කිලෝ 800ට අත්අඩංගුවට ගත්ත එක්කෙනා එයාට රැඳවුම් නියෝග නෑ. දවසින් රිමාන්ඩ් කළා. නඩුව යයි. "