තම දේශපාලන දිවියේ පළමු කථාව තමන්ට ලියා දුන්නේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හඳුන්නෙත්ති මහතා බව නාමල් රාජපක්ෂ පැවැසීය. ළහිරු මුදලිගේ විසින් මෙහෙයවන හරි ටීවී යූටියුබ් නාළිකාවේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
"මගේ දේශපාලන දිවියේ පළමු කථාව ලියලා දුන්නේ ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති අයියා. ඒ 2005 ජනපතිවරණයේ කැස්බෑව රැස්වීමට"