කොවිඩ් ආසාදනය වී කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වූ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අවසන් කටයුතු අද දිනයේදීම කොළඹදී සිදුකෙරිණි.
පස්වරු 6.00ට පමණ ඔහුගේ මෘත දේහය ආදාහනය කරනු ලැබීය. කොවිඩ් මරණයක් ආදාහනය කරන අයුරින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මෙම අවසන් කටයුතු සිදුකෙරිණි.