කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය හමුවේ විවාහ උත්සවයකට සහභාගිවිය යුතු සංඛ්‍යාව උපරිමය 50ක් දක්වා අඩු කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
විවාහ උත්සවයකට උපරිමය 150ක් දක්වා එක්වීමට මේ වන විට අවස්ථාව තිබේ. නමුත් වේගයෙන් ව්‍යාප්තවන නව කොවිඩ් වෛරසය ආසාදනය වූවන් හමුවීමත් සමග මෙසේ අරක්ෂිත පියවරක් වශයෙන් විවාහ උත්සව සඳහා එක්වන සංඛ්‍යාව අඩු කිරීමට තීරණය කර තිබේ.