කුරුණෑගල- මීගමුව ප්රධාන මාර්ගයේ මාහොලව මෑල්ලවලා මන්සන්දිය අසළදී අද දහවල් ගිරිඋල්ල දෙස සිට පන්නල දෙසට යතුරුපැදියකින් ගමන්කල තරුණයන් දෙදෙනෙකු එම දෙසටම ගමන්කල ලොරි රථයක පිටුපස ගැටීමෙන් බරපතල තුවාල ලබා අනතුර සිදුවූ ස්ථානයේදීම මියගොස් ඇතිබව පන්නල පොලීසිය කියයි.
මෙලෙස අනතුරින් මියගොස් ඇත්තේ නාල්ල සෙක්කුවත්ත දිවුල්දෙනිය පදිංචි 30 හැවිරිදි රනිල් ජයසිංහ සහ 20 හැවිරිදි ගිරිඋල්ල නවනගරයෙහි පදිංචි නිසල් අකලංක දිසානායක නැමති අය බවත් මොවුන් ක්රිකට් බැට් දෙකක් අඵත්වැඩියා කිරීම සඳහා මාකඳුර ප්රදේශයට යන අතරතුරදී මෙම අනතුරට මුහුණපා ඇති බවද පොලීසිය පවසයි.
ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පන්නල ලබ්බල ප්රදේශයේ පදිංචි අයෙකු බවත් මියගිය තරුණයන්ගේ සිරුරු දඹදෙනිය මූලික රෝහලේ තැම්පත් කර ඇත.
පන්නල පොලිස් ස්ථානයේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගුණරත්න බණ්ඩා මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ නිළධාරීන් මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.
(පන්නල හේමා රාජපක්ෂ)


