මක්කම වන්දනාවේ ගිය මවුලවිවරයෙකු සහ කාන්තාවක් අත් අඩංගුවට
සෞදි අරාබියේ , මක්කම වන්දනාවේ ගොස් , ආපසු ශ්රී ලංකාවට පැමිණෙමින් සිටි මවුලවිවරයෙකු සහ ඔවුන් සමග වන්දනාවේ නිරත වූ තවත් කාන්තාවක විසින් රුපියල් එක් කෝටි අනූ ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කරමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් පසුගිය 21 දින පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් මඩකලපුව , කල්මුණේ ප්රදේශයේ පදිංචිකරුවන් වන අතර මෙයින් මවුලවිවරයා 44 හැවිරිදිය . අනෙක් කාන්තාව 49 හැවිරිදිය .
ඔවුන් 06/21 දින පස්වරු 02.56 ට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 390 දරන ගුවන් යානයෙන් සෞදි අරාබියේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් ගුවන් තොටුපොළ සියලුම පරීක්ෂණ නිමා කර කටුනායක ගුවන් තොටුපොළෙන් පිටව යාම සදහා පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියදී ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් මොවුන් අත් අඩංගුවට ගෙන තිබුණි.
ඔවුන් සිය ගමන් මලු තුළ සගවා ගෙන තිබූ ග්රෑම් 859 ක් බරැති කැරට් 24 සහ 22 හි මාළ , වළලු , මුදු , කරාබු ඇතුළු ස්වර්ණාභරණ තොගයක් කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබුණි .
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා මොවුන් දෙදෙනා සහ ඔවුන් විසින් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ස්වර්ණාභරණ තොගය කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .
මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු මීගමුව පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී පාලිත අමරතුංග මහතාගේ අධීක්ෂණය යටතේ කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ජීවරත්න සිල්වා , උප පොලිස් පරීක්ෂක චන්දන , පොලිස් කොස්තාපල්වරුන් වන 85188 දිලන්ත , 93465 ප්රසාන්තන් , 36514 මුරළි , 102313 වික්රමසිංහ සහ කාන්තා පොලිස් කොස්තාපල් 12146 නෙත්මිණි යන නිලධාරීන් විසින් සිදු කරමින් සිටිති .

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
