වර්තනමාන එන්නත්කරණය හා සංචරණ සීමා ලිහිල් කිරීමෙන් අනතුරුව මේ වසරේදී ශ්රී ලංකාව සියයට 5ක ආර්ථික වර්ධනයක් කරා යනු ඇතැයි නව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසන්නේ 2021 වසරේ පළමු අර්ධයේදී ශ්රී ලංකාව සියයට 8ක ආර්ථික වර්ධනයක් ලබාගෙන ඇති බවයි.
එය පසුගිය වසරේ එම කාලසීමාව හා සලකා බැලීමේදී සියයට 12.3ක වර්ධනයක් බවද ඔහු පෙන්වා දෙයි.