මහ මැතිවරණ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු බංකලොත් සමගි ජන බලවේගයට වැදුණේ මරු පහරක් බවත් එක්සත් ජාතික පක්ෂයෙන් විසිවුණු සමගි ජන බලවේගය ජනතා බලවේගයෙන් විසිවීමේ දිනය වැඩි ඈතක නොවන බවත් හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
මහ අම්බලන්ගොඩ අද (3) පැවති මාධ්‍ය හමුවක් අමතා එසේ කී වීරක්කොඩි මහතා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය ,
මහ මැතිවරණ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මෙරට ප්රජාතන්ත්රවාදයේ මල්පල ගැන්වීමක්. සමගි ජන බලවේගයේ සිහින බොදවීමක්. මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ආයෙත් වතාවක් මේ රටේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටියා. එය ප්රජාතන්ත්රවාදී ජනතාවගේ ප්රජාතන්ත්ර අයිතිය රැකදුන් අවස්ථාවක් කියලා කිව්වොත් වඩාත් නිවැරදියි .
මේ රට ගොඩගැනීමේ දැක්ම තිබෙන්නේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ළගයි. ඒ බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා ඇතුලු කණ්ඩායමට වැටහිලා තියෙන පාටයි කියලා තේරෙනවා ඒ අයගේ කතා ඇහැව්වම . එක්සත් ජාතික පක්ෂය අද සුභවාදීව කතා කරන්නේ තමන් සමග එකට දේශපාලනය කළ සමගි ජන බලවේගය ගැන නෙමෙයි පොදුජන පෙරමුණ ගැනයි. ඔවුන්ට තේරෙන්වා ඇති මේ රටේ විමුක්තිය තියෙන්නේ පොදුජන පෙරමුණේ කියලා .
කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත