අධික වර්ෂාව හේතුවෙන් ඉහළ ගිය මී ඔයේ හා මැණික් ගඟේ ජල මට්ටම පහළ යමින් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
කෙසේ වෙතත් මී ඔය ගල්ගමුවෙන් අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බවත් මැණික් ගඟ කතරගම ප්‍රදේශයේ සුළු ගංවතුර තත්ත්වයක් පවතින බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයේදී මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.