මාවනැල්ල, මා ඔයේ දිය නෑමට ගිය ළමුන් 7 ක් අතරින් දෙදෙනෙක් දියේ ගිලී මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෘත දේහ මේ වන විට මාවනැල්ල රෝහලට රැගෙන ඒමට කටයුතු කරන බවත් මාවනැල්ල පොලීසිය මේ පිළිබඳව මරණ පරීක්ෂණයක් පැවැත්වීමට සූදානමින් පවතින බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.