මහනුවර නගරයේ ඉන්ධන පිරවුම් හලක දීර්ඝ වේලාවක් භූමි තෙල් පෝලිමක සිටි වයස අවුරුදු 70 ක පුද්ගලයෙකු ඇද වැටීමෙන් පසු සුවසැරිය ගිලන් රථයකින් මහනුවර රෝහල කරා ගෙන යමින් සිටියදී ඔහු මියගිය බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි .
එසේ මියගොස් ඇත්තේ උඩතලවින්න ප්රදේශයේ පදිංචි මොහොමඩ් ඉල්ලියාස් (70) නැමැති අයෙකු බවද පොලිසිය කියයි .
මියගිය අය දීර්ඝ වේලාවක් භූමිතෙල් පෝලිමේ රැඳී සිට ඇති අතර ඒ වන වන විටත් පැවති දැඩි අව්ව නිමා කරමින් මහනුවර නගරයට වර්ෂාව කඩා හැලිමත් සමග ඔහු පෝලිමේ ඇද වැටුණ බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති .