පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ දී සිය ආදායම ඉහළ නංවා ගැනීමට හැකිවී තිබෙන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්යක්ෂ ජනරාල් ඉංජිනේරු ඩී සජ්ජන ද සිල්වා මහතා පවසනවා.
කොරෝනා වසංගතය මධ්‍යයේ මෙම තත්ත්වය ඇතිකර ගැනීමට හැකිවීම සම්බන්ධයෙන් සතුටුවන බවයි ඒ මහතා සඳහන් කළේ.
බලපත්‍ර ලාභීන්ට ඔන්ලයින් ක්‍රමය හරහා බලපත්‍ර ලබාගැනීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ගම්පහ කාර්යාලයේ දී පැවැත්වුණා.
බලපත්‍ර ලාභීන්ගේ ගැටලු සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු සාකච්ඡා කෙරුණා. ඔන්ලයින් සේවාව හරහා කාර්යක්ෂමව කටයුතු සිදුකිරීමට හැකි බවයි අධ්යක්ෂ ජනරාල්වරයා මෙහිදී කියාසිටියේ.