යුද්ධ හමුදාව විසින් භාවිතයයෙන් ඉවත් කර තිබූ විවිධ වර්ගවලට අයත් වාහන 76ක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝගේ උපදෙස් පරිදි නවීකරණය කර යළිත් සේවයට එක් කිරීම අද සිදුවිය.
මෙම වාහන නැවත යුද්ධ හමුදාවේ සේවය සඳහා එක් කිරීමට හැකිවීම තුළින් යුද්ධ හමුදාව සඳහා විදෙස් රටවලින් වාහන ගෙන්වීමට වැය වන අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කරගැනීමට හැකියාව ලැබී ඇතැයි යුදු හමුදාව පවසයි.
මෙම වාහන නැවත භාවිතයට යෙදවීම හරහා යුද්ධ හමුදාව විසින් කුලී ගෙවීමේ පදනම මත ලබා ගන්නා ලද වාහන සඳහා මාසිකව වැය කරන රුපියල් මිලියන 10ක පමණ මුදල් ප්‍රමාණයක් රජයට ඉතිරි කර දීමට හැකි වූ බව යුද හමුදාව පවසයි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව විසින් ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ට්‍රක් රථ, බස් රථ, වතුර බවුසර්, යුනි බෆල් රථ, කැබ් රථ, ගිලන් රථ, වෑන් රථ, ගලි බවුසර් ඇතුළු වාහන 76ක් නවීකරණය කර යළි සේවයට එක් කර තිබේ.
