2019 වසරේදී තමන් භාර දුන් රජයේ නිවසේ බිල්පත් සඳහා තමන්ට වගකීමක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
එසේම තමන් භාවිත කළ නිවසේ විදුලි බිල ගෙවා නොමැති බවට අසත්‍ය ප්‍රචාර කරන අයට විරුද්ධව අපහාසාත්මක නීතිය යටතේ ක්‍රියාමාර්ග ගන්නා ලෙස තමන් නීතිඥවරුන්ට උපදෙස් දුන් බවද ඔහු පවසයි.
තමන්ට කොළඹ නිවසක් නොමැති බවත් තමන් භාවිත කිරීමෙන් අනතුරුව භාරදුන් නිවසේ විදුලි බිල්පත් ගෙවා නොමැතිනම් ඒ සඳහා එම නිවස වර්තමානයේ භාවිත කරන අමාත්‍යවරයා වග කිව යුතු බවත් ඔහු පවසයි.
