ශ්‍රී ලංකාව තුළ හා අවට සිදුවන භූ කම්පණ මැනීම සඳහා 05 වන භූ කම්පන මධ්‍යස්ථානය බස්නාහිර පළාත තුළ ස්ථාපිත කිරීමට මුලික කටයුතු යොදා ඇතැයි පරිසර අමාත්‍යවරයා අවධාරණය කරයි.
ශ්‍රී ලංකාවට ඉදිරි කාලය තුළ දැවැන්ත භූමි කම්පාවකට මුහුණ දීමට සිදුවීමට ඉඩ ඇති බවට පේරාදෙණිය ව්ශ්ව විද්‍යාලයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා විසින් මාධ්‍ය වෙත පළ කර ඇති අදහස් සම්බන්ධව අද දින (15) පැවැති මාධ්‍ය හමුවක දී පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදහස් පළ කළේය.
"මම මේ සම්බන්ධව භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ භූ විද්‍යාඥයින් සමග සාකච්ඡා කළා. අපි මෙම භූමි කම්පා සම්බන්ධව ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබෙනවා. එම කමිටුවට මහාචාර්ය අතුළ සේනාරත්න මහතාත් නියෝජනය කරනවා. නමුත් එම භූ විද්යාවිද්යාඥයින් මට අවධාරණය කළේ කමිටුව තුළ මේ ගැන සාකච්ඡා නොකළ බවයි.
නමුත් භූමි කම්පාවක් සිදුවීමට ඇති ඉඩකඩ කිසිවෙකුට බැහැර කළ නොහැකියි. නමුත් එය කවදා කොයි මොහොතක සිදු වේදැයි කිවහැකි තාක්ෂණයක් තවම ලෝකය තුළ නැහැ.
ඔබ දන්නවා පසුගිය වසර දෙකක කාලය ගත් විට වරින්වර සුළු භූ චලන තත්ත්වයන් අප රට අභ්‍යන්තරයෙන් මෙන්ම අපේ රටට ආසන්න මුහුදු කළාපය තුළත් වාර්තා වුනා. මේනිසා සමාජය තුළ අප රටේත් ඉතා කෙටිකළකින් භූමිකම්පාවක් සිදුවේද යන කාරණය සම්බන්ධව බියක් හට ගෙන තිබෙනවා.
මෙම සුළු භූචලන තත්ත්වයන් මුලින්ම වාර්තා වුනේ මහනුවරට ආසන්න වික්ටෝරියා ජලාශය අවට කලාපය තුළින්. ඒ නිසාම මම පරිසර අමාත්‍යවරයා විදියට මෙම භූ චලන සම්බන්ධව සොයා බලා වාර්තාවක් ලබා දෙන ලෙස ඉල්ලමින් විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කළා. එහි සභාපතිවරයා වශයෙන් GSMB ආයතනයේ සභාපති අනුර වල්පොළ මහතාව පත් කළා.
ඒ කමිටුව විසින් මට අවසන් වාර්තාවක් නිර්දෙශ සහිතව ලබා දුන්නා. ඒ අවස්ථාවේ ඔවුන් වාර්තාවෙන් පෙන්වා දුන්නේ එවකට සිදුවුන මෙම සුළු භූ කම්පනවලින් වික්ටෝරියා වේල්ලට හානියක් සිදු වීමට ඉඩ නැති බව.ඒ වගේම මෙම භූකම්පනවලට හේතුව එම ප්‍රදේශයේ පොළව අභ්‍යන්තරයේ ඇති හුණුගල් තට්ටුවල වරින්වර සිදුවන ගිලා බැසීම් නිසා සිදුවන සුළු කම්පන තත්ත්වයන් බව පෙන්වා දුන්නා.
ඒ වගේම එම වාර්තාව මගින් නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කළා. එම නිර්දේශ අනුව භු කම්පන තත්ත්වයන් අධ්‍යයනය සඳහා භූ කම්පනමාන 10ක් වික්ටෝරියා වේල්ල ආශ්‍රිතව ස්ථාන කිහිපයක ස්ථාපිත කරන ලෙස සඳහන් කළා. අපි මීට මාස දෙකකට පමණ පෙර එම භූ කම්පන මාන 10 ම ස්ථාන දහයක සවි කළා. ඒ වගේම එම වාර්තාවේ නිර්දේශ සියල්ලම ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ වගේම මෑතක දී මහනුවරින් බැහැරව බදුල්ල, මඩොල්සිම, ලුනුගම්වෙහෙර හා හම්බන්තොටිනුත් භූ කම්පන වාර්තා වුනා. ඒ වගේම අවධානය යොමු කළ යුතු මට්ටමේ භූ කම්පන දෙකක් කෙටි කාලයක් තුළ අපේ රටට ආසන්න මුහුදු කළාපය තුළ වාර්තා වුනා.
ඒ නිසා මම ඊයේ මේ සම්බන්ධව වහාම අවධානය යොමු කර අවශ්‍ය පියවර ගන්නා ලෙස GSMB එකට උපදෙස් දුන්නා. ඊයේ එම ආයතනය විසින් භූ විද්‍යාඥයින් සමග සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ පිළිබඳ විස්තර එම භූ විද්‍යාඥයින් විසින් ඉදිරිපත් කරයි.
දැනට සාකච්ඡා කර ඇති පරිදි මේ වනවිට අපේ රටේ භූකම්පන මැනීමේ මධ්‍යස්ථාන 04ක් තිබෙනවා. නමුත් 03ක් පමණක් අපේ රට සඳහා ප්‍රමාණවත් බව භූ විද්‍යාඥ මතයයි. එසේ වුවත් අපි 05 වන භූ කම්පන මැනීමේ මධ්‍යස්ථානය බස්නාහිර පළාතේ පිහිටුවීමට පියවර ගන්නවා. ඒ සඳහා විශාල මුදලක් වැය කරනවා. දැනටමත් ඒ සඳහා අවශ්‍ය මුලික පියවර ගෙන තිබෙනවා යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.