එළඹෙන අවුරුදු සමය වෙනුවෙන් භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට තීරණය කළ බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ඒ අනුව දිවයිනේ සෑම සතොස අලෙවි සැලකින්ම ලබන සඳුදා සිට එම නව මිල ගණන් යටතේ එම භාණ්ඩ මිලදී ගත හැකි බවද ඔහු පැවැසීය.
භාණ්ඩ මිල අඩුවන හැටි
දුඹුරු සීනි කිලෝවක් රුපියල් 115යි.
වාණිජ සංස්ථාව නිෂ්පාදනය කරන තේ කොළ ග්‍රෑම් 100ක් රුපියල් 95යි.
සෝයා තෙල් මිලි ලීටර 500ක් රුපියල් 310යි
අත් සේදුම්කාරක දියර මිලිලීටර් 100ක බෝතලයක් රුපියල් 250යි
අත් සේදුම්කාරක දියර මිලලීටර් 50ක් රුපියල් 150යි
SLS සහතිකය සහිත මුහුණු ආවරණයක නව මිල රුපියල් 14යි
අභ්‍යාස පොත් මිල සියයට 20ක් අඩුවෙන්