වසර 40ක් බෞද්ධ සමිතියක් මගින් පාලනය වූ මත්තේගොඩ නිවාස සංකීර්ණයේ පිහිටි බෞද්ධ මන්දිරය සුලු පිරිසකගෙ වුවමනාවට මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට පැවරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ප්‍රදේශයේ මහා සංඝ රත්නය හා ජනතාව අද (20දා) මත්තේගොඩ බෞද්ධ මන්දිරය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි .
මෙම බෞද්ධ මධ්‍යස්ථානය අංගසම්පූර්ණ පූජනීය ස්ථානයක් බවට පත් කිරීමට හිටපු නිලධාරීන් කටයුතු කර ඇත්තේ බෞද්ධ සංගමය හරහා වන බැවින් ඉදිරියටත් බෞද්ධ සංගමය යටතේ මෙම ස්ථානය පාලනය කිරීමට ඉඩ සලසා දෙන ලෙස ද ඔවුහු වැඩිදුරටත් ඉල්ලා සිටිති.
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න


