මහවැලි අධිකාරියට අයත් බෝවතැන්න ජලාශයේ ජලය හිස් කිරීම හෙට (24) ආරම්භ කරන බව ජලාශභාර ඉංජිනේරු බුද්ධික නවරත්න මහතා කියයි.
බෝවතැන්න ජලාශය අරඹා වසර පනහක් ගතවීමෙන් පසුව ජලාශයේ එක්රොක් වී ඇති රොන් මඩ සහ වැලි පිළිබද අධ්‍යනයක් සිදුකර ඒවා ඉවත් කර පිරිසිදු කිරිම, ජලාශයෙන් ජලය නිකුත් වන කලාවැවේ ජල සැපයුමේ රෝන මඩ ඉවත් කිරිම ඇතුළු කරුණු ගනනාවක් වෙනුවෙන් ජලය හිස් කිරිම සිදුකරන බවත්, මේ හේතුවෙන් පහල ජලාධාර ප්‍රදේශ වලට ජලය සැපයීමේ බාධාවක් නොවන බවත් බුද්ධික නවරත්න මහතා කියා සිටිටියේය.
බෝවතැන්න ජලාශයට ජලය ලැබෙන ඉහළ කොත්මලේ ජලාශයේ සහ ජලය නිකුත් කරන මොරගහකන්ද ජලාශයේ ජලය ගබඩාකර තැබිම් වැඩපිළිවලේ දි සිදුකරනු ලබන ක්‍රියාවලියක් නිසා ඉදිරි කන්න වල දි වගාකටයුතු සදහා අවශ්‍ය ජලය හිගයක් සිදු නොවන බවත් ඉංජිනේරු බුද්ධික නවරත්න මහතා කියා සිටියේය.
නාවුල ඉන්දික අරුණ කුමාර


