උඩුපුස්සැල්ලාව ප්‍රදේශයේ පාසලක ගුරුවරුන් පිරිසක් විනෝද චාරිකාවක පැමින ඊයේ (31) පස්වරුවේ බෝබුරුදීය ඇල්ලේ දියනෑමට යාමේදී එක් ගුරුවරයකු දියේ ගිලී අතුරුදන් වී ඇතයි අඹගස්දෝව පොලිසිය පවසයි .
රාගල හල්ග්රන් ඔය ග්රෙස්ලින්වත්තේ පදිංචිව සිටි උඩුපුස්සැල්ලාව ඩලොස් මහ විදුහලේ ගණිතය විෂය ඉගැන්වීම් කරමින් සේවය කල කේ. මුගිල්දරන් (32) නැමති ගුරුවරයකු මෙසේ දියේ ගිලී අතුරුදන් වී ඇති බව පොලිසිය කීය .මොහු එක්දරු පියෙකු බවද පොලිසිය පැවසීය .
පාසලේ අටදෙනකුගෙන් සමන්විත ගුරුවරුන් කණ්ඩායමක් ඊයේ (31) බෝබුරු දිය ඇල්ල නැරැඹීමට විනෝද චාරිකාවක පැමින ඇති බවත් , ඔවුන් බෝබුරුදියඇල්ලට බැස දියනෑමට යාමේදී මෙසේ එක් ගුරුවරයකු දියේ ගිලී අතුරුදන් වී ඇතයි පොලිසිය සදහන් කලේය .
දියේ ගිලී අතුරුදන් වූ ගුරුවරයා සොයා නුවරඑළිය පොලිස් ජීවිත ආරක්ශක ඒකකයේ නිළධාරින් ,අඹගස්දෝව පොලිසිය , ප්‍රදේශවාසීන් එක්වී මෙහෙයුම් කටයුතු සිදු කලත් ඊයේ (31) රාත්‍රි වනතෙක් අතුරුදන් වූ ගුරුවරයා සොයා ගැනිමට නොහැකි වූ බවත් පොලිසිය පැවසීය .
ප්‍රදේශයේ පවතින අධික ශීතල, මෙන්ම අයහපත් ආලෝක තත්ත්වය අනාරක්ෂිත වාතාවරනය හේතුවෙන් සිරුර සෙවීමේ කටයුතු සිදු කිරිම අපහසු හෙයින් එම කටයුතු ඊයේ (31) රාත්‍රි නවතා දැමූ බවත් යලිත් අද (1) දින උදෑසන මෙම දියේ ගිලී අතුරුදන් වූ ගුරුවරයා සෙවීමේ කටයුතු ආරම්භ කරන බවත් පොලිසිය පවසයි .
බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන බණ්ඩාරවෙල ජේෂ්ඨ පොලිස් අධිකාරි ඒ.ඒ.ආර් පී අමරසිංහ සහකාර පොලිස් අධිකාරි 111 රුවන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ උපදෙස් මත අඹගස්දෝව පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපති කාන්තා පොලිස් පරීක්ශිකා දිල්හානි මහත්මිය ඇතුලු නිළධාරින් වැඩිදුර පරීක්ෂණ පවත්වති .
ප්‍රසාද් රුක්මාල්
