ඓතිහාසික බොල්තුඹේ සමන් මහ දේවාලයේ බස්නායක ධූරයට ගැමුණු බණ්ඩාර වලිසුන්දර මහතා අද (29) තේරී පත් විය.
ඓතිහාසික බොල්තුඹේ මහ සමන් දේවාලයේ බස්නායක ධූරය තේරීම රත්නපුර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ දී බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් කීර්ති සිරි බද්දන මහතා ඉදිරියේ දී අද (29) පැවැත්වුණි.
ගැමුණු බණ්ඩාර වලිසුන්දර මහතාගේ නම ප්රාදේශීය ලේකම්වරු විසින් යෝජනා ස්ථිර කරනු ලැබීය.
මේ සඳහා නිළමේවරු තිදෙනෙකුට සහ ප්රාදේශීය ලේකම්වරු හත්දෙනෙකුට ඡන්ද බලය හිමිව පැවතුණි.
මෙහි දී ගැමුණු බණ්ඩාර වලිසුන්දර මහතා ඡන්ද හතක් ලබා ගනු ලැබීය.
ගැමුණු බණ්ඩාර වලිසුන්දර මහතා ශ්රී ලංකා බස්නායක නිලමේවරුන්ගේ සංගමයේ සභාපතිවරයා මෙන්ම ජේෂ්ඨතම බස්නායක නිලමේවරයා ද වේ.