බොරැල්ලේදී රියදුරු බලපත්‍රයක් ලබාගත් පොලිස් නිලධාරියෙකුට හා ඔහුගේ සහායට පැමිණ සිට තවත් පොලිස් නිලධාරියෙකුට තර්ජනය කළ තරුණිය ඇතුළු සිවු දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිදුවීම ඊයේ දිනය පුරා සමාජ මාධ්‍ය තුළ වේගයෙන් ව්‍යාප්ත විය. තරුණිය පරුෂ වචයෙන් බැන වදිමින් ලබාගත් රියදුරු බලපත්‍රය යළි ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබුණි.
මේ අනුව අදාළ තරුණිය, තවත් තරුණියක් හා තවත් තරුණයන් දෙදෙනෙක් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
එම තරුණිය මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි ව ඇති බවත් අත්අඩංගුවට ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා කියයි.