බොරැල්ල පොලිස් බල ප්‍රදේශයේ පොලිස් බලප්‍රදේශ 5 ක් ආවරණව වන පරිදි අද (12) අලුයම සිදුකළ පැය 3 ක විශේෂ මෙහෙයුමකින් හොරොයින් , අයිස් ඇතුලු මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 35 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මින් 19 දෙනකු පිටස්තර ප්‍රදේශ වල සිට කිසිදු හේතුවක් නොමැතිව සැකකටයුතු ලෙස රැදී සිටි පුද්ගලයන් බව පොලිසිය පවසයි.
ඊයේ අලුයම 3.00 සිට 6.00 දක්වා මෙම මෙහෙයුම පැවති බවත්, ඒ සදහා පොලිසියේ, 300, යුද හමුදාවේ 200 ක් හා විශේෂ කාර්ය බලකායේ 25 ක් සහභාගි වු බව පොලිසිය පවසයි.
වනාතමුල්ල, සින්න දූපත, මැනින් ටවුන්, ටී 20 වත්ත, කිතුල්වත්ත යන ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම මෙහෙයුම් සිදුකර ඇත.
මෙම මෙහෙයුමේ දී වනාතමුල්ල ප්‍රදේශයේ මහපරිමාණ හොරොයින් ජාවාරම්කරුවෙන් රුපියල් ලක්ෂ 27 ක මුදලක් සහ හොරොයින් ග්‍රෑම් 6 ට ආසන්න ප්‍රමාණයක් සමග ද , ටී 20 වත්තේ ජාවාරම්කරුවෙක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2ක් සමග රුපියල් ලක්ෂ 2 1/2 ආසන්න මුදලක් සමග අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.
මෙම සමස්ත මෙහෙයුමේ දී කඩු දෙකක්, මදන මෝදක ගුලි 91 ක්, 10,000 පමණ වටිනා ගංජා, හොරොයින් ග්‍රෑම් 6 ට ආසන්න ප්‍රමාණයක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 4 ට ආසන්න ප්‍රමාණයක්, ගංජා ග්‍රෑම් 3 ට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.