ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (සැප්තැම්බර් 18) වන විට තවදුරටත් සියයට 1කින් පමණ පහත වැටී තිබේ. මේ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 1.03කින් පහළ ගොස් ඇමෙරිකානු ඩොලර් 103.8ක් ලෙස සටහන් වේ.
BTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 0.82 කින් පහළ ගොස් ඇමෙරිකානු ඩොලර් 101.1ක් දක්වා අඩු වී තිබේ. මැදපෙරදිග කලාපීය නොසන්සුන්තා සහ සෞදි-යේමන දේශසීමා ප්‍රහාර තවදුරටත් ක්‍රියාත්මක වුවද, විකල්ප තෙල් සැපයුම් මාර්ග විවෘත වීම හේතුවෙන් මෙලෙස අඛණ්ඩව තුන්වන දිනටත් තෙල් මිල පහළ යමින් පවතී. සෞදි අරාබියේ තෙල් නල මාර්ග යථා තත්ත්වයට පත්වීමද මෙසේ තෙල් මිල පහළ යාමට හේතුව වෙයි.
