ගෑස් හිඟය, ඉන්ධන හිඟය, විදුලි කප්පාදුව, තිරිඟු පිටි හිඟය හා අමුද්‍රව්‍ය මිල විශාල ලෙස ඉහළයෑම නිසා සමස්ත බේකරි කර්මාන්තයම දැඩි අර්බුදයකට ලක්ව ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
ගෙවීගිය මාස කිහිපය තුළදී බේකරි දහසකට වැඩි ප්‍රමාණයක් වැසී ගොස් තිබෙනබවත්, මීට අමතරව දැනට ක්‍රියාත්මක වන බේකරි 6000ක ප්‍රමාණය තුළින් අතිබහුතරයක දෛනික නිෂ්පාදන කටයුතු 50%ක ප්‍රමාණයක් හෝ සිදු නොවන බවත් එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේය.
පවතින ඉන්ධන හිඟය නිසා නිවසින් නිවසට ගොස් බේකරි නිෂ්පාදන අලෙවි කිරීමේ ප්‍රවාහන සේවය(චූන් පාන් රථ) 80%කට වැඩි ප්‍රමාණයක් ධාවනය නොවන බවත්, දැනට ක්‍රියාත්මක වන්නේ සමස්ත වාහන ප්‍රමාණයෙන් 10%-20% අතර ප්‍රමාණයක් බවත් ඔහු පවසා සිටියේය.
තිරිඟු පිටි හිඟය මාස කිහිපයක සිට පවතින අතර, තවමත් අදාළ ගැටලුවට විසඳුම් ලැබී නොමැති බවත්,බේකරි නිෂ්පාදන සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය මිල දිගින් දිගටම ඉහළ යාම සිදුවනබවත්ඒ මහතා සඳහන් කළේය.
විදුලි කප්පාදු කිරීම නිසා බේකරි නිෂ්පාදන සකස් කිරීමට අවශ්‍ය විදුලිය ලබාගැනීමේ ගැටලුවක් ඇති වී තිබෙනබවත්, මීට අමතරව අවන් ක්‍රියාත්මක කිරීමේදී ද ගැටලු ඇති වී තිබෙනබවත් හෙතෙම කියා සිටියේය.
මේ වනවිට විශාල ගෑස් හිඟයක් මතුව ඇති බැවින්ගෑස් අවන් ක්‍රියාත්මක කිරීමේදී විශාල ගැටලු ප්‍රමාණයක් පැන නැඟී තිබෙනබවත්,ගෑස් අවන් ක්‍රියාත්මක කිරීමේ කටයුතුවලටද විදුලිය අවශ්‍ය බවත් එන්.කේ. ජයවර්ධන මහතා පවසා සිටියේය.