ශ්‍රී ලංකාවේ ඖෂධ හිඟය මගහරවා ගැනීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකක ආධාර ලබාදිමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟ වී තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත අලංකා සිං මහත්මිය අතර පැවැති සාකච්ඡාවේදී මෙම කරුණු අණාවරණය වී තිබේ.
එසේම ශ්‍රී ලංකාවේ ඖෂධ ගැටලුව මග හරවා ගැනීම වෙනුවෙන් පූර්ණ සහාය ලබාදෙන බව නියෝජිතවරිය මෙහිදි අග්‍රමාත්‍යවරයාට දැනුම් දී තිබේ.
