බෙලිඅත්ත කොළඹ අධිවේගී මාර්ගයේ පිටවීම අසල වෙළඳසැලක් අසල දී අද උදෑසන පෙ.ව 08.35 පමණ සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයන් 05 දෙනෙකු මියගොස් ඇති බව බෙලිඅත්ත පොලීසිය පවසයි.
සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයන් 05 දෙනෙකු ඉලක්ක කරගනිමින් කොළ පැහැති කැබ් රථයකින් පැමිණි පිරිසක් ගිනි අවියකින් වෙඩිතබා පලා ගොස් ඇතිබව පොලීසිය කියයි. ඩිෆෙන්ඩර් රථයේ ගමන්ගත් පුද්ගලයන් 04 දෙනෙකු එම ස්ථානයේම මියගොස් තිබේ.අනෙක් පුද්ගලයා බෙලිඅත්ත රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බව බෙලිඅත්ත පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 40 වන පාසැල අසල, ගලබඩ ,ඉඳුරුව ප්රදේශයේ පදිංචි කුමාර විධානෙලාගෙ හසිත වන්සුක ,වයස අවුරුදු 47ක් වන නො.390,රත්ගල්ගොඩවත්ත ,ගල්තුඩුව ,ගොනගලපුර ප්රදේශයේ ලංකා සම සමාජ පක්ෂයේ කටයුතු සිදුකරනු ලබන වැලිසරගේ සමන් ප්රසන්න පෙරේරා ,අංක 339ගාලුපාර,පොලවත්ත,වරහේන,බෙන්තොට පදිංචි වයස අවුරුදු 34ක් වන ඉලුක්කුට්ටගේ සමීර මධුෂංක,අංක 269,ගේට්ටුවන පාර,කුරුණෑගල ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 36ක් වන භාතිය දුරයලාගේ බුද්ධික රාජපක්ෂ නැමැති පුද්ගලයෙකු සහ වයස අවුරුදු 44ක් වන අංක C1/4,මහල් නිවාස, ආරාමපාර, දෙමටගොඩ, කොළඹ දෙමටගොඩ ප්රදේශයේ පදිංචි කන්නන්ගර කෝරාලලාගේ චම්පිය ජයතිලක නැමැති පුද්ගලයින් පිරිසක් බව බෙලිඅත්ත පොලීසිය කියයි.
මෙලෙස මියගොස් ඇති අයගෙන් කුමාර විධානෙලාගේ හසිත වන්සුක,ඉලුක්කුට්ටිගේ සමීර මධුෂංක සහ භාතිය දුරයලාගේ බුද්ධික රාජපක්ෂ යන තිදෙනා 2018 වර්ශයේ තංගල්ල කුඩාවැල්ලේ මිණීමැරුමකට සම්බන්ධ තිදෙනෙකු බවත්, මෙය එයට පලිගැනීමක් බවත් බෙලිඅත්ත පොලීසිය සැක පල කරයි.සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන බෙලිඅත්ත පොලීසිය විසින් සිදුකරනු ලබන බව බෙලිඅත්ත පොලීසිය කියයි.
බෙලිඅත්ත - කවීෂා ගරුසිංහ