කෝවිඩ් මර්දන එන්නතෙහි බූස්ටර් මාත්‍රාව ලබා දීම සඳහා මෙරට තුළ පවතින ෆයිසර් එන්නත් තොගය කල් ඉකුත් වී නොමැති බවට තාක්ෂණික වශයෙන් වගකීමෙන් ප්‍රකාශ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කෝවිඩ්-19 සම්බන්ධීකාරක සහ තාක්ෂණ සේවා අධ්යක්ෂ, වෛද්‍ය අන්වර් හම්දානි මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී පැවැති කෝවිඩ් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විසින් යොමු කරන ලද ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදෙමිනි.
එසේම කල්ඉකුත් වූ හෝ කල් ඉකුත් වීමට ආසන්න එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කිසිදු දිනෙක ජනතාවට ලබා දී නොමැති බවද හෙතෙම පැවසීය.
මේ අතර මෙරට එන්නත්කරණයට ලක්විය යුතු බවට හඳුනාගෙන ඇති ජනගහනයෙන් 39%ක පමණ ප්‍රමාණයකට මේ වනවිට කෝවිඩ් මර්දන එන්නතෙහි බූස්ටර් මාත්‍රාව ලබා දී ඇති බව සඳහන් කළ හම්දානි මහතා, සාමාන්‍යකරණය යටතේ රට අඛණ්ඩව පවත්වාගෙන යෑමටනම්එම අගය 70% දක්වා වර්ධනය කරගත යුතුව ඇති බවද පෙන්වා දුන්නේය.