දේශීය වෙළදපොලේ බුලත් මිල අධික ලෙස ඉහළ යෑම හමුවේ තම වෙළදාම් කටයුතු අඩාල වි ඇති බව හැටන් ප්රදේශයේ බුලත් පුවක් වෙළදසැල්වල හිමිකරුවන් කියා සිටියි.
පීදුණු බුලත් කොළයක් රු.10/=කටත්, රැහැන් බුලත් කොළයක් රු.8/=කටත්, කුඩා බුලත් කොළයක් රු.7/=ක් වැනි මුදලකටත්, තොග මිල ලැබෙන බවත්, පවත්නා ත්තවය මත බුලත් කොළ 40කින් යුත් බුලත් අතක් රු.350/= සිට රු.450/= දක්වා මිලකට අලෙවි කිරිමට සිදු වන බවයි එම වෙළෙදුන් කියා සිටියේ.
බුලත් මිල ඉහළයෑමට සමගාමීව පුවත් මිලද ඉහළ යෑම හමුවේ බුලත් විටක් රු.70/=ක් වැනි මිලකට අලෙවි කිරිමට සිදු වී ඇති බවයි එම වෙළෙදුන් කියා සිටින්නේ.
බුලත්වලට රෝගයක් වැළදීම හේතුවෙන් බුලත් ඵලදාව අඩු වී ඇති නිසා ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීම හමුවේ බුලත් මිල මෙසේ ඉහළ ගිය බවත්, පුවක් ඵලදාව මේ දිනවල සිදු නොවන නිසා පුවක් ගෙඩියක් රු.10-12ත් දක්වා මිල ඉහළ ගොස් ඇති බවයි හැටන් ප්රදේශයේ බුලත් පුවක් අලෙවි කරන වෙළෙදුන් කියා සිටියේ.
බුලත් පුවක්වල මිල ඉහළ යෑම හමුවේ තම දෛනික වෙළදාම් සීඝ්රයෙන් පහළ වැටී ඇති බවත්, තම දෛනික කටයුතු වලට බුලත් තොග මිලදී ගැනීමට විශාල මුදලක් වැය කිරිමට සිදු වූවත් ඉන් ලැබෙන ලාභ ප්රතිශතය ඉතා අඩු බවයි එම වෙළෙදුන් වැඩි දුරටත් කියා සිටියේ.



