බුදු දහමට එරෙහි ප්‍රකාශ කරන අයගේ කටවල් වැසිය යුතුයි
බුදුදහමට එරෙහි විග්රහයන් කරමින් ව්‍යාපාර ගෙන යන අයගේ කටවල් වැසීම සහ එම ව්‍යාපාර වලට මුදල් ලැබෙන ආකාරය පිළිබඳව සොයා බැලීම රජයේ වගකීමක් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
තමන් ජනාධිපති ධූරය දරණ කාලයේ යම් යම් සංවිධාන එවැනි කටයුතු සිදු කළ බවත් තමන් ඒ සඳහා ඉඩ නොදුන් නිසා අවසානයේ තමන්ට අත් වූ ප්රථිඵලය ගැන කතා නොකරන බවත් ඔහු අවධාරණය කළේය.
ගල්කිස්ස තපතපෝධනාරාමාධිපතිව වැඩ විසූ රාජකීය පණ්ඩිත තලල්ලේ ධම්මලෝක අනුනාහිමියන්ගේ සහ කොරියාවේ යෝරේ මහ නිකායේ මහානායක සොක් ඉන් වොන් නාහිමියන්ගේ ශාසනික සබඳතාවයට වසර තිහක් පිරීම නිමිත්තෙන් පානදුර පින්වත්ත සද්ධර්මාකර පිරිවෙන් විහාරය ඇතුළු විහාර ඝණයෙහි අධිපති තලල්ලේ මෙත්තානන්ද අනුනාහිමියන්ගේ අනුශාසනා පරිදි අභිනවයෙන් ඉදිකෙරුනු දකුණු ආසියාවේ විශාලතම පිඬුසිඟා වඩින බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ මහෝත්සවයදී මෛත්‍රීපාල සිරිසේන මහතා එම අදහස් පළ කළේය.
"අද මේ යුගයට කාලයට බුදු දහමේ වැදගත්කම තව තවත් වැඩි වෙලා තියෙනවා. නමුත් අපිට කියන්න කණගාටුයි මේ රටේ අද යම් යම් බලවේග බුදුපියාණන් වහන්සේට අවමන් කරන අගෞරව කරන්න ප්‍රකාශ කරන්න නොයෙකුත් සංවිධාන ගොඩනගන්න පටන් අරන් තියෙනවා.
බෞද්ධ දර්ශනයට ඉතාමත් වැරදි අර්ථකථනයන් දෙමින් බෞද්ධ දර්ශනය විවේචනය කරන්න පටන් අරන් තියෙනවා. බුදුපියාණන් වහන්සේගේ දේශණය අනුව අපිට එය පුදුමයක් නොවෙයි. වරින් වර එක් එක් යුග වලදී බුදුදහමට එවැනි අභියෝග පැමිණිලා තිබෙනවා.
අද තිබෙන දුගී භාවය සහ ආර්ථික ප්‍රශ්ණ වැනි සියල්ලටන පිළිතුරු තිබෙන්නේ බුදුදහම තුළයි. මම දේශපාලනය කතා කරනවා නෙමෙයි. බුදුදහමට එරෙහි විග්රහයන් කරමින් ව්‍යාපාර ගෙන යන අයගේ කටවල් වැසීමට රජයේ වගකීමක් තියෙනවා. එම ව්‍යාපාර වලට මුදල් ලැබෙන්නේ කොහෙන්ද ? බුදුදහමට ගල් ගහන්නේ කොහොමද ? යන්න සොයා බැලිය යුතුයි.මේවා අළුතෙන් මෑත ඇති වුන තත්වයන්.
මම ජනාධිපති ධූරය දරණ කාලයේත් යම් යම් සංවිධාන ඔය වැඩේට සූදානම් වුනා. මම ඒවට කොහෙත්ම ඉඩ දුන්නේ නැහැ. එහි ප්රථිඵලයතමා අවසානයේ මම ඒ ගැන කතා කරන්නෙ නැහැ"
popular news
-
Wimal Sunday, 11 June 2023 07:30 AM
Start from Cheewara dharin
Reply : 0 1
LGPJ Monday, 12 June 2023 01:23 AM
Those people will die. after the closing of noses,ears. mouths and back sides .!!!!
Reply : 0 0
Samson de silva Monday, 12 June 2023 05:53 AM
"Budu dahamata GAL GAHANNE kawuda kiyaa soyaa beliya yuthui" kiyaa Sira kiyayi. Sahathika eththa Sira. Onna oya athare pansalaka hamuduru namak thawath hamuduru kenekuta GAL KAPALAA ahuwelaalu! E genath selakilimath wemu, Sira.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

