බුද්ධි අංශයෙන් දුන් තොරතුරු රජය වගකිමෙන් මඟහැරියා - රෝහිත
බුද්ධි අංශය දුන් තොරතුරු රජයක් ලෙස වගකීමෙන් ඉටු නොකළ හෙයින් මේ ව්‍යවසනයට අපේ රට මුහුණ දෙන්න වුනු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
අද දින පැවති පක්ෂ රැස්විමේදි ඔහු මේ බව ප්‍රකාශ කළේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අබේගුණවර්ධන මහත
අගමැති දන්නේ නැහැලු. ජනාධිපතිතුමාට දැනුම් දුන්නේ නැහැලු. කැබිනට් මණ්ඩලය දන්නේ නැහැලු. බුද්ධි අංශ තොරතුරු තිබියදීත් වරද්ද ගත්ත ආණ්ඩුව සිද්ධියෙන් පස්සේ කීතැනක වරද්දාගෙන තියෙනවාද?
මේ ආණ්ඩුව කෙරෙහි ජනතාවට විශ්වාසයක් නැති වෙන්න හේතු ඕනේ තරම් තියෙනවා. විරුද්ධ පක්ෂයක් ලෙස අපි මේ දේවල් හෙලි කළාම බොරදියේ මාලු බානවා කියනවා. මේ රටේ මහ නායක හිමිවරුන්ට, සංඝරත්නයට, පියතුමන්ලාට අනෙකුත් මුස්ලිම් පූජකතුමන්ලා කියනවා ආණ්ඩුව දිගින් දිගටම වරද්දා ගන්න බව. මේ සිද්ධි සම්බන්ධයෙන් පරික්ෂණ කළෙත්, අත්අඩංගුවට ගැනීම් කළෙත් පොලීසියේ හා රණවිරුවන්ගේ තියෙන දක්ෂකම නිසයි.
මේ ආණ්ඩුවේ ඉන්න නායකයින්ට එහි ලකුණු ගන්න බැහැ. නායකයින්ගේ නොහැකියාවයි පෙන්නුවේ. එදා නොහැකියාව පෙන්නපු ආණ්ඩුව දැන් ආරක්ෂක අංශ කරන්නා වු මෙහෙයුම් තමන්ගේ වැඩක් බව පෙන්වන්න උත්සාහ කරනවා. බෝම්බ වැදිලා මිනිස්සු මැරෙද්දි දන්නේ නැහැ. දැන් සොයා ගැනීම් කරද්දි ඒක අපේ වැඩක්ලු. මේක ආණ්ඩුවේ දෙබිඩි පිළිවෙත.
කෂිනි හපුආරච්චි

popular news
-
Piyal Gamage Friday, 17 May 2019 03:40 PM
ඔයාගේ ලොක්කට ලිඋන් දෙකක් ලැබුනලු.ය මොනවද කරේ
Reply : 0 17
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

