බුත්තල මහගොඩයාය ප්රදේශයේදී පෞද්ගලික ඉඩමක මියගොස් සිටි වනඅලියකු අද ( 17 ) සොයාගත් බව බුත්තල පොලිසිය පවසයි.වනඅලියා මියයාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, බාහිර තුවාල කිසිවක් පෙන්නුම් නොකරන බවද,පොලිසිය පවසයි.
බුත්තල රහතන්කන්ද රජයේ රක්ෂිතය දෙසින් මෙම වනඅලියා පැමිනෙන්නට ඇති බවට විශ්වාස කරන බවත්, වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යොදා ඇති විදුලි වැටක් ආසන්නයේ ඇති පෞද්ගලික ඉඩමක වතුර වලක් ආසන්නයේ මෙම වනඅලියා වැටී මියගොස් තිබෙන බවත්, බුත්තල පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම්.ජේ බන්ඩාර මහතා අපකල විමසීමකදි පැවසීය.
මියගොස් සිටින වනඅලියා සම්බන්ධයෙන් වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙි මොණරාගල අඩවි කාර්යාලයේ නිළධාරින් දැනුවත් කල බවත්, මෙි වනවිට එම නිළධාරින් පැමිණ විමර්ශණ කටයුතු සිදුකරන බවත්, පොලිස් ස්ථානාධිපතිවරයා තවදුරටත් පැවසීය.
වනජිවි නිළධාරින් පවසන්නේ, මෙම වනඅලියා මියගොස් ඇත්තේ මීට දින 2-3 කට පෙර බවට විශ්වාස කරන බවත්, අලියාගේ මරණයට හේතුව නිශ්චිතව මෙතෙක් අනාවරණය වී නොමැති බවත්ය.
මෙම වන අලියාගේ මරණය සමිබන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද ( 17 ) පස්වරුවෙි සිදුකිරිමට නියමිතව තිබුනි.
මොණරාගල කොට්ඨාශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කමල් එන් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත බුත්තල පොලිසියත් ඌව හා දකුණු පලාත් භාර සහකාර වනජිවි අධ්යක්ෂවරයාගේ උපදෙස් ම. වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙි මොණරාගල අඩවි කාර්යාලයත් වෙන වෙනම විමර්ශණ කටයුතු සිදුකරයි.
නයනජීව බණ්ඩාර
