බුත්තල මොනරාගල මාර්ගයේ නාමණ්ඩිය නව ගම්මානය (මහගොඩයාය) ප්රදේශයේදී (16) වෙනිදා නිවසේ කාමරයක ඇති වූ ගින්නකින් පිළිස්සුම් තුවාල ලබා සිටි දැරියද මියගොස් ඇත.මෙලෙස මියගොස් ඇත්තේ ජේ.එම් ඔනෙල්යා (03) නැමති දැරියකි.
මෙම ගින්නෙන් නිවසේ නිදා ගෙන සිටි නිවසේ පියා මව සහ දියණිය තුවාල ලබා මොනරාගල දිස්ත්රික් මහ රෝහලට ඇතුලත් කර පියා සහ දියණිය කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබිණි.
මීට පෙර මව වන කේ.ඩී සුරාජි සකුන්තලා (26) නැමති අය මොනරාගල දිස්ත්රික් මහ රෝහලේදී මිය යන ලදි.
කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් සිටි දැරිය (21) සවස මියගොස් තිබේ.
පියා වන ජේ.එම් දිලුක්ෂ මධුසංඛ (29) යන අය කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් පසුවේ.බුත්තල පොලීසිය පරීක්ෂණ පවත්වයි.
මොණරාගල සුමනසිරි ගුණතිලක