බීමත්ව පාසල් සිසුන් පිරිසක් ප්‍රවාහනය කළ බස් රථ රියදුරෙක් අත්අඩංගුවට ගත්බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
කටුපොත පොලිස් ස්ථානයේ රථවාහන අංශය් නිලධාරීන් විසින් කටුපොත නගරයේදි පාසල් ළමුන් පිරිසක් ප්‍රවාහනය කරමින්සිටි සිසු සැරිය බස් රථයක් නවතා පරීක්ෂා කිරීමේදි බස් රථයේ රියදුරු බීමත්ව සිටින බවට අණාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 52ක් වන රදලියගොඩ, කටුපොත ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි.
පොලීසිය බස් රථය පරීක්ෂා කරන අවස්ථාවේදී පස් රථය තුළ පාසල් ළමුන් 16ක් හා මව්වරුන් දෙදෙනෙක් ගමන් කර තිබේ.
බස් රථය පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරු අද දිනයේදී නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.