රිදීමාලියද්ද යකහල්පොත ගම්මානයේ කාන්තාවක ඝාතනය කර වැසිකිළි වගකට දමා ඝාතනයක් වසංකල බවට සැකපිට වසර දෙක හමාරකට පසු 29 දින පිය පුතු දෙපලක් අත් අත් අඩංගුවට ගත් බව පොලිසියි කියයි,
2021 වසරේ පෙබරවාරි මාසයේ දිනක රාත්රි කාලයේදි තම බිරිදට සිදු කල පහරදීමකින් අනතුරුව ඇය මරණයට පත්වීමෙන් පසු පුත්රයා සමග එක්ව බිරිද වැසිකිළි වලකට දමා මිහිදන් කල බව කියමින් මරණයට පත්වු කාන්තාගේ ස්වාමියා පොලිසියට පාපෝච්චාරණය කර තිබේ.
පොලිසියට ලැබුන නිර්ණාමික තොරතුරකට අනුව සැකකාර 72 හා 26 වයසැති පියපුතු දෙදෙනා අත් අඩංගුවට ගෙන ප්රකාශ ලබා ගැනීමේදි තොරුතුරු අනාවරණය කරගෙන තිබේන අතර උසාවි නියෝගයක් මත මිය ගිය කාන්තාව මිහිදන් කළ ස්ථානය සොයාගැනීමෙන් පසු කැනීම් සිදුකිරීමට කටයුතු කරන බව පොලිසිය කියයි,
මිය ගිය කාන්තාව තම ස්වාමියා හා පිරිමි දරුවා හා ගැහැනු දරුවා නිවසේ සිටියදි මාස කිහිපයක් රැකියා කරන බව පවසමින් නිවසින් පිටව ගොස් නැවත නිවසට පැමිණ සිටින අවස්ථාවට ඇතිවු ගැටුමකින් පසු කාන්තාව තම ස්වාමියා අතින් ඝාතනයට ලක්ව තිබෙන බව පොලිසිය කියයි.
ලුණුගල ප්රසන්න පත්මසිරි,